Latest News

වෛරස් උණක් නිසා කොංගෝව කැළඹෙයි – පැය 48ක් වැනි කාලයක දී උග්‍ර ව්‍යසනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොංගෝ රාජ්‍ය පුරා වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතිනවා.

කොංගෝ රාජ්‍යයේ පැතිර යන මෙම වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම රෝග ලක්ෂණ වෛරස් රක්තපාත උණ රෝගයක රෝග ලක්ෂණවලට සමාන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

රෝගයට ගොදුරුවුවන් පැය 48ක් වැනි කාලයක් තුළදී මිය යාම හේතුවෙන් මෙම රෝගී තත්ත්වය පැතිර යාම උග්‍ර ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා.

වෛසරයෙන් මිය ගිය අයගෙන් බහුතරයක් වයස අවුරුදු 5ත් , 18ත් අතර වයස්වල පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ.

World News

Send your contact Details Today