Latest News

මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරි වසර 2 කට බියර් බදු ඉවත් කිරීමට තීරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැතිවරණ පොරොන්දුවක් ලෙස බියර් බද්ද අත්හිටුවීමට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

පවතින උද්ධමනය හමුවේ වසරකට දෙවතාවක්ම බියර් මත බදු පැනවීම සිදුවුණා.

ඒ පසුගිය අගෝස්තු සහ පෙබරවාරි මාසවලදීයි.

ඒ අනුව ඉදිරි වසර දෙකක් සඳහා බියර්, සුරාබදු වලින් නිදහස් කරන බවයි අගමැතිවරයාගේ පොරොන්දුව වී ඇත්තේ.

එමගින් බියර් පානය කරන්නන් මෙන්ම ව්‍යාපාරකයින්ට ද යම් සහනයක් ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාර දියුණු කිරීමට රජය සහය විය යුතු බවයි ඇන්තනී ඇල්බනීස් වැඩිදුරටත් කියාසිටියේ.

World News

Send your contact Details Today