චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යාගේ අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 24ක් පමණ (අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක්) වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තම පරම ප්‍රතිවාදී පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැව්වේ මේ වටිනා ඔරලෝසුව පැළඳගෙනයි.
ස්විට්සර්ලන්ත සන්නාමයක් වන රිෂා මිලේ RM 27-02 මාදිලියේ මෙවැනි ඔරලෝසු 50ක් පමණ නිෂ්පාදනය කොට ඇති බවයි පැවසෙන්නේ.
පාණ්ඩ්‍යා පන්දු යවමින් සිටියදී, විශේෂ කඩුලු සැමරුම් අතරතුර, ඔහු අතේ ඔරලෝසුවක් දක්නට ලැබුණු අතර, එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.
වඩාත්ම දියුණු තාක්‍ෂණයෙන් යුත් මේ ඔරලෝසුව මුලින් නිර්මාණය කර ඇත්තේ ටෙනිස් පුරාවෘත්තයක් වන රෆායෙල් නඩාල් වෙනුවෙන්.
ඔරලෝසුවේ පාදක තහඩුව ටයිටේනියම්වලින් සාදා ඇති අතර, කාබන් ෆයිබර් සහ නිල් මැණික් ස්ඵටික සංයෝජනයක් අඩංගු වනවා.



