අමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සිය වීඩියෝ සම්මන්ත්රණ වේදිකාව වන ‘ස්කයිප්’ වසාදැමීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව එම මෙම සේවාව මැයි මාසයේ සිට ලබාගත නොහැකි බවයි පැවසෙන්නේ.
මෙය සබැඳි සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කළ වේදිකාවක යුගයක අවසානය සනිටුහන් කිරීමක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව Microsoft සමාගමේ නව තීරණය ස්කයිප් හි වසර 22 ක ගමනට තිත තබනු ඇති.
එය ප්‍රථම වරට 2003 දී දියත් කරන ලද අතර 2011 දී මයික්‍රොසොෆ්ට් විසින් මිලදී ගත්තා.
කාලයාගේ ඇවෑමෙන් මයික්‍රොසොෆ්ට් විසින් Windows Live Messenger අත්හිටුවීම ඇතුළු විශේෂාංග කිහිපයක් ක්‍රමයෙන් ඉවත්කරනු ලැබුවා.
2015 දී මයික්‍රොසොෆ්ට් ස්කයිප්, වින්ඩෝස් 10 වෙත ඒකාබද්ධ කිරීමට උත්සාහ කර තිබුණා.
කෙසේවෙතත්, එම උත්සාහය පැවතියේ මාස නවයක් පමණයි.
අනතුරුව මයික්‍රොසොෆ්ට් 2017 දී Microsoft Teams මෘදුකාංගය දියත්කරන විට ස්කයිප් අභ්‍යන්තර තරඟයකට ද මුහුණ දී තිබුණා.
අභ්‍යන්තර සන්නිවේදනය සඳහා සමාගම් විසින් බහුලව භාවිතා කරන Slack වැනි වේදිකා වලට තරඟ කිරීමට Microsoft Teams නිර්මාණය කළා.
මෙම සියලු අසාර්ථකවීම් හමුවේ වසර ගණනාවක් තිස්සේ, ස්කයිප් වසා දමන්නේ කවදාද යන්න පිළිබඳව දිගින් දිගටම කතාබහට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේද නඩු කටයුතුවලදී නඩුවේ දුරස්ථ පාර්ශව සම්බන්ධ කරගැනීම ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික කටයුතු රැසකට ස්කයිප් තාක්ෂණය භාවිත කරනු ලබනවා.