ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී තිබෙනවා.
ඒ, ජනාධිපති මැක්රොන් සහ ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආදරණීය’ හාදුවක් නිසයි.
ජනපති මැක්රොන් සහ ක්‍රීඩා අමාත්‍යවරිය අතරේ මෙම ‘ආදරණීය’ හාදු හුවමාරුව සිදුවූයේ පසුගිය දා පැරිස් ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවය අතරතුරේයී.
‘ආදරණීය’ එම හාදු හුවමාරුව සිදුවෙද්දී, ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ගෙබ්‍රියෙල් අතාල් ද එතැන සිටින අතර ඔහු වහා ඉවත බලා ගත්තා.
කෙසේ නමුත් හාදු හුවමාරුව කැමරා කාචවල සටහන් වී පසුව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්න වුණා.
මෙම සිද්ධිය මුල්කොට ගනිමින් බොහෝ දෙනා ජනාධිපති මැක්රොන් විවේචනය කර තිබෙනවා.
‘ඔය විදියට හාදු දෙන්නේ ආදරවන්තයන්’ යැයි ද ඇතැමුන් පෙන්වා දී තිබෙනවා.
ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා ජනාධිපතිගේ දෙතොල් පමණක් නොව, බෙල්ල ද සිපගත් බවයි පැවැසෙන්නේ.
මැක්රොන් සහ ඕඩියා කැස්ටෙරා දෙදෙනාම 46 හැවිරිදි වියෙහි පසුවනවා.
මැක්රොන් විවාහ වී සිටින්නේ, ඔහුගේ ගුරුතුමිය සමඟ වන අතර බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නමැති ඇයගේ වයස අවුරුදු 71 ක්.