Latest News

සුඩානය ගැන ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානයේ මුහුණදී ඇති සාගත තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

සුඩානයේ හටගෙන ඇති යුද ගැටුම් අවසන් කිරීමට කටයුතු නොකළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් සුඩානය තුළ හටගත හැකි බව ජගත් සංවිධාන මානව හිමිකම් ප්‍රධානියා පෙන්වා දෙනවා.

ලක්ෂ හයකට අධික පිරිසක් සාගත තත්ත්වයක් අභියස පසුවන බවයි ඔහු පවසන්නේ.

සුඩානයේ ප්‍රදේශ පහක තත්ත්වය මේ වන විටත් බරපතල අතට හැරී ඇති අතර එම ප්‍රදේශයන්හි ආහාර බෙදාදීම හෝ සෞඛය පහසුකම් සැපයීමට කැරළිකරුවන් ඉඩ ලබානොදීම ඊට හේතුවී තිබෙනවා.

ඉදිරි මාස 3ක කාලය තුළදී සුඩානය දරුණු ආගාධයකට ඇදවැටීමට ඉඩ ඇති බවටයි මානව හිමිකම් ප්‍රධානී වෝල්කර් ටර්ක් අනතුරු අඟවන්නේ.

World News

Send your contact Details Today