Latest News

රුසියාවේ යුද මෙහෙයුම්වලට අවශ්‍ය හමුදා සෙබලුන් ලබාදීම වෙනුවෙන් උතුරු කොරියානු නායකයා ගත් අලුත් තීරණය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕනෑම තර්ජනයකට මුහුණදීමට හැකි පරිදි නවීන පන්නයේ හමුදාවක් ගොඩනැගීම සඳහා උතුරු කොරියා නායකයා උපදෙස් ලබාදී තිබෙනවා.

උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් එරට හමුදා පුහුණු පාසලේ සංචාරයකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ ශක්තිමත් හා නවීන හමුදාවක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසයි.

එම හමුදා පුහුණු පාසලේ දුර්වල කළමනාකාරීත්වය හා පුහුණුව තම අරමුණු කරා හමුදාව මෙහෙයවීමට බාධාවක් බව පවසමින් පාලන අධිකාරිය දැඩිව විවේචනය කිරීමට උතුරු කොරියා නායකයා කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

අනතුරුව ඔහු කිම් ඉල් සන්ග් විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වී ඇති අතර එහිදී හමුදාවේ පක්ෂපාතීත්වය හා කැපකිරීම සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සිදුකර තිබෙනවා.

රුසියාවේ යුද මෙහෙයුම්වලට අවශ්‍ය හමුදා සෙබලුන් ලබාදීමේ අරමුණෙන් උතුරු කොරියා නායකයා මෙලෙස කටයුතු කරන බවයි යුද විශ්ලේෂකයින් පවසන්නේ.

World News

Send your contact Details Today