Latest News

2028 වසර වන තෙක් බිත්තර හිඟයක් ඇතිවන රටක් ගැන හෙළිවේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා කුරුළු උණ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බිත්තර මිල තව තවත් ඉහළ යනු ඇති බවට ව්‍යාපාරිකයින් අනතුරු අඟවනවා.

ඒ අනුව බිත්තර හිඟය අවම වශයෙන් 2028 වසර වන තෙක් පවතිනු ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වාදෙන්නේ.

මේ වසරේ අපේක්ෂිත බිත්තර හිඟය මිලියන 500 ක්.

පසුගිය වසරේ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ මෙන්ම වික්ටෝරියාවේ දැන් පවතින කුරුළු උණ ව්‍යාප්තිය බිත්තර හිඟයට ප්‍රධාන හේතුවක් වනවා.

මේ අතර කූඩු කළ බිත්තර කර්මාන්තය 2036 වනවිට ඉවත් කිරීමේ වික්ටෝරියා රජයේ අරමුණ, බිත්තර ව්‍යාපාරයට තවත් බලපානු ඇති බවයි ව්‍යාපාරිකයින් කියා සිටින්නේ.

විශාල දේශගුණික පාලනයක් යටතේ මඩු තුළ නිපදවන බිත්තර මගින් විවිධ ලෙඩ රෝග ව්‍යාප්තවීමේ අවදානම වැඩි බව වික්ටෝරියා රජයේ අදහසයි.

නමුත් ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ වික්ටෝරියා රජය මෙතෙක් දැනුම්වත් කර නොමැති බව බිත්තර කර්මාන්තකරුවන් චෝදනා කරනවා.

World News

Send your contact Details Today