Latest News

අමෙරිකාවේ වරාය වෙත ඇතුළු වන චීන යාත්‍රාවලට ට්‍රම්ප් කල දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ වරාය වෙත ඇතුළු වන චීන යාත්‍රා සහ චීනයේ නිෂ්පාදිත යාත්‍රා සඳහා අමරිකානු ඩොලර් මිලියන 1.5ක් දක්වා අය කිරීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය යෝජනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෝලීය නැව් තැනීම, සමුද්‍රීය සහ සැපයුම් අංශයන්හි චීනයේ වැඩෙන ආධිපත්‍යය පිළිබඳ සැලකිලිමත් වීමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව සූදානම් වන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය විසින් ඉකුත් ජනවාරි 16 වැනි දින හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයේදී දියත් කරන ලද පරීක්ෂණයක වාර්තාවක සඳහන් කර තිබුණේ, දැවැන්ත රාජ්‍ය සහනාධාර සහ ජාත්‍යන්තර තරඟකාරී සමාගම්වලට ලබාදෙන රජය සතු ව්‍යවසායන් සඳහා සහය හේතුවෙන් චීනය ගෝලීය නැව් තැනීමේ කොටස 1999 දී සියයට පහේ සිට 2023 දී සියයට 50 දක්වා වැඩි වී ඇති බවයි.

එහෙත් අමෙරිකානු අමෙරිකානු නැව් තටාක 1975 දී නැව් 70ක් ගොඩනඟා ඇති නමුත් අද ඉදිකෙරෙන්නේ වාර්ෂිකව නැව් පහක් පමණක් බව එම ඒජන්සිය වැඩිදුරටත් පවසා තිබුණා.

කෙසේ නමුත් යෝජිත අමෙරිකානු ප්‍රතිසංස්කරණ අනුව චයිනා ඕෂන් ෂිපින් සමාගම වැනි චීන සමුද්‍ර ප්‍රවාහන ක්‍රියාකරුවන්ට අයත් යාත්‍රාවකට ඩොලර් මිලියනයක් දක්වා වරාය ප්‍රවේශ ගාස්තු ඇතුළත් වනවා.

විකල්පයක් ලෙස, එක්සත් ජනපදය යාත්‍රාවක භාණ්ඩ ධාරිතාවයේ ශුද්ධ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 1,000ක් අය කරනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

World News

Send your contact Details Today