Latest News

කෙවින් පීටර්සන්ට උපදේශක තනතුරක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුවන කෙවින් පීටර්සන් එළැඹෙන ‘IPL-2025’ තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශක (mentor) ලෙස පත් කර තිබෙනවා.

උපතින් දකුණු අප්‍රිකානුවෙකු වන පීටර්සන් ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 යන ත්‍රිත්ව ආකෘතිය යටතේම එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක් වනවා.

මේ වනවිට 44 වියෙහි පසුවන පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ලකුණු 13,000කට වැඩියෙන් රැස්කර තිබුණා.

එහි ශතක 32ක්, අර්ධ ශතක 67ක් ඇතුළත්වුණා.

දිල්ලි කැපිටලස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමාං බදානි කටයුතු කරන අතර, සහකාර පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ මැතිව් මොට් විසින්.

ඊට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුනාෆ් පටෙල්ද, ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස වෙනුගෝපාල් රාඕද කටයුතු කරනවා.

World News

Send your contact Details Today