Latest News

හිමාලයානු කලාපයේ ප්‍රදේශ කිහිපයක් සෙලවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (28) අලුයම 2.51කට පමණ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් නේපාලයේ ඇති වී තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ සඳහන් කළේ සින්දුපල්චෞක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි මෙය හටගත් බවයි.

හිමාලයානු කලාපයට අයත් මෙම දිස්ත්‍රික්කයට බලපෑ භූ කම්පාව නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට එය තදින් දැනී තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කළේ (දේශීය වේලාවෙන්) අලුයම 2:51 ට පමණ අපිකේන්ද්‍රය සින්දුපල්චව්ක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි පිහිටා ඇති බවයි.

ඉන්දියාවේ සහ ටිබෙටයේ, චීනයේ මායිම් ප්‍රදේශවල ද මෙම තත්ත්වය දැනී ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගල ජීවිත හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළිබඳව තවමත් පරීක්ෂණය සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today