යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්.
යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ, ඊට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි.
යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.