Latest News

පලස්තීන ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ මළ සිරුරුවලට ඊශ්‍රායලය කළ දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීන ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ මළ සිරුරු ආපසු ලබා දුන් බව ඊශ්‍රායලය පවසනවා.

ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමයේ පළමු අදියර යටතේ සිදුවීමට නියමිතව තිබූ අවසන් හුවමාරුව යටතේයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී පමණ, ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායලයට ආපසු ලබා දී තිබෙනවා.

ඉන්පසු ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 600 දෙනෙකුගෙන් පමණ පළමුවැන්නා නිදහස් කිරීම ආරම්භ කර ඇති අතර සමහරුන් වහාම ඊජිප්තුව හරහා පිටුවහල් කිරීමට නියමිතයි.

එමෙන්ම බහුතරයක් බටහිර ඉවුරට හෝ ගාසා තීරයට ආපසු ගොස් ඇති බවත් එහිදී ඔවුන් ප්‍රීති ඝෝෂා නඟමින් ජනතාව විසින් පිළිගනු ලැබු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

World News

Send your contact Details Today