චිලී රාජ්‍යයේ විදුලිය ඇනහිටීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා.
පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් එරට දෛනික ජන ජීවිතයට මෙන්ම ගුවන් ගමන් සහ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් බලපෑමට ලක්වූ ප්‍රදේශයේ කාර්මික දෝෂය විමර්ශනය කර එය යථා තත්ත්වයට පත් කිරීමට එරට බලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.