කෙන්යාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත 23කින් 20කටම දරුණු නියඟ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වසරේදී ප්‍රමාණවත් අයුරින් වැසි නොලැබීම නිසා තත්ත්වය බරපතළ වී ඇති අතර, එරට මිලියන ගණනාවක ජනතාව කුසගින්නට ලක්වීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
කෙන්යාවේ ජාතික නියඟ කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ නියඟය බලපා ඇති ප්‍රාන්තවල අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිරිහීමට ලක්වී ඇති බවයි.
දේශගුණික විපර්යාසවල දරුණු බලපෑම්වලට මුහුණ දෙමින් සිටින කෙන්යාවට මෙවැනි නියඟ තත්ත්වයක් මතු වී ඇත්තේ දශක 4කට පසුව බව ද වාර්තා වනවා.
ප්‍රමාණවත් ආහාර සහ පානීය ජල හිඟය මේ වන විට කෙන්යාවේ දැඩි අර්බුදයක් බවට පත්වී ඇතැයි ද, දරුවන් ලක්ෂ 5ක් සහ ගර්භිණී කාන්තාවන් ලක්ෂයකට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් මුදාගැනීමට කඩිනම් පියවර ගැනීමට සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.