චීනයේ විවාහ ලියාපදිංචි කිරීම් වාර්තාගත අයුරින් පහළ වැටීම හේතුවෙන් රජය විසින් අවිවාහකයන් දිරිගැන්වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.
එරට සිවිල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේදී චීනයේ විවාහ ලියාපදිංචි කිරීම් වසර 2023ට වඩා 29.5%කින් පහත වැටී තිබෙන බවත් එවැනි අවම මට්ටමේ විවාහ ලියාපදිංචියක් මීට පෙර සිදුවී ඇත්තේ 70 දශකයේ අගභාගයේදී බවත් වාර්තා වනවා.
මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා උතුරු චීනයේ ෂැංෂි ප්‍රාන්තයේ ලුලියැං පළාතේ නගර බලධාරීන් අවුරුදු 35ට අඩු වයසේ පසුවන තරුණියන් පළමු වරට විවාහ වීමේදී යුවෑන් 1,500ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙන බවයි ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
මීට අමතරව එම නගරයේ පවුල්වල දරුවන්ට සහනාධාර පිරිනැමීමට ද පියවර ගෙන ඇති අතර, පළමු දරු උපතට යුවෑන් 2,000ක් ද, දෙවැනි දරු උපතට යුවෑන් 5,000ක් ද තුන්වැනි දරු උපතට යුවෑන් 8,000ක් ද පිරිනමන බව වාර්තා වනවා.