තනිකඩව සිටින සහ දික්කසාදව සිටින සිය සේවකයන් සේවයෙන් පහකරන බවට තර්ජනය කර ඇති සමාගමක් පිළිබඳ චීනයෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව එවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කර ඇත්තේ චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි Shandong Shuntian Chemical Group Co. Ltd නමැති සමාගමක්.
සමාගමේ නීතිය අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට එම සේවකයන් තනිකඩව හෝ දික්කසාද වී සිටියහොත් ඔවුන්ව සේවයෙන් පහකරනු ඇති.
සමාගම විසින් එහි 1,200 ක් පමණ වන සේවකයන්ට දැනුම් දීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම සේවකයන් හොඳින් රාජකාරී සිදුකර පවුලක් වශයෙන් ස්ථාපිත වියයුතු බවයි.
දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ වී පදිංචිය සමාගමට දැනුම් දිය යුතු වනවා.
ඒ සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සේවකයන් විසින් මාර්තු අග වන විට සමාගමට ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොමැති සේවකයින් ඒ සම්බන්ධයෙන් ස්වයං විවේචන ලිපියක් ලිවිය යුතුයි.
එළඹෙන ජුනි මාසය අවසන් වන විට විවාහ නොවන සේවකයන් සම්බන්ධයෙන් සමාගම ඇගයීමක් පවත්වන බව ද වාර්තා වනවා.
ඒ අනුව සැප්තැම්බර් අග වන විට ඔවුන් තවමත් තනිකඩව සිටියහොත් ඔවුන් සේවයෙන් පහකරනු ලබන බවටයි දන්වා ඇත්තේ.