Latest News

යොහානිට එරෙහිව විරෝධතා

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලන්ඩනයේ සංගීත සංදර්ශනයකට සහභාගි වීමට ගිය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට එරටදී විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.

ඒ ලන්ඩනයේ වෙසෙන LTTE හිතවාදීන් පිරිසක් විසින්.

යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ දියණිය වීම ඊට හේතුව වී ඇති බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

රසන්න ද සිල්වා අපරාධකරුවෙකු ලෙස කෑගසමින් LTTE හිතවාදීන් විරෝධතාවක නියැලී ඇති බව එම වාර්තාවල සඳහන්.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස LTTE ය මේ වනවිට බ්‍රිතාන්‍යයේ තහනම් කර තිබෙනවා.

පසුගියදා එම තහනම ඉවත් කරන ලෙස එහි සාමාජිකයන් දුන් පෙත්සම එක්සත් රාජධානියේ ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

World News

Send your contact Details Today