Latest News

පාකිස්තාන රජය කරන්න යන දේකට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන රජය විසින් පාර්ලිමේන්තුවේදි සම්මත කරගත් එරට 26 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක් ඉදිරිපත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 26වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි ලාහෝර් මහාධිකරණ නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත්තේ.

මේ වන විට සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ හිතවාදී නීතිඥවරුන්ගෙන් සමන්විත ලාහෝර් මහාධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයන් එම ඉල්ලීම කර ඇති අතර, රජය විසින් ව්‍යාවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දැන සිටියද, එම කෙටුම්පතෙහි ඇති කරුණු පිළිබඳ කිසිවකු නොදන්නා බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වනවා.

පාකිස්තානයේ අධිකරණ පද්ධතිය තුළ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත්, එම සංශෝධන මගින් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වීමට විධායකයට අවස්ථාව ලැබෙන බවත් සඳහන් කර ඇති ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සභාපති අධිනීතිඥ ගොහාර් අලි ඛාන් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය සිය අරගලය අඛණ්ඩව සිදු කරන බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් වනවා.

World News

Send your contact Details Today