Latest News

FBI නව ප්‍රධානියා ‘භගවත් ගීතාව’ මත දිවුරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) නව ප්‍රධානියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත කාෂ් පටේල් විසින් හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන භගවත් ගීතාව මත අත තබා දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතකු බව කියන 44 හැවිරිදි කාෂ් පටේල් එරට 9 වැනි FBI අධ්‍යක්ෂවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට ඔහුගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයන් සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඉන්දියාවේ ගුජරාටි සංක්‍රමණික පවුලක උපන් කාෂ් පටේල් දැඩි හින්දු භක්තිකයකු වන අතර, මීට පෙර ඔහු නීතිඥවරයකු ලෙස ද කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයකු වන කාෂ් පටේල් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලයේ දී ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

මේ අතර එවකට අමෙරිකාවේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today