Latest News

දළදා ප්‍රදර්ශනයට දින නියමවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අප්‍රේල් මස 18 සිට ඉදිරි දින දහයක් හෝ දොළහක කාලයක් තුළ උතුම් දන්ත ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසා දෙන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළා.

උතුම් දන්ත ධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසාදීම පිළිබඳව ඊයේ (23) මහනුවර පැමිණ ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමිවරුන් බැහැදැක දැනුවත් කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

දළඳා සමිඳුන්ගේ ආශිර්වාද මුළු රටට ලෝකවාසීන්ටත් ලබාදීම මෙහි අරමුණ බවයි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today