Latest News

චීනයේ නාවික හමුදාව, නවසීලන්තයට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ සිදු කල දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ නාවික හමුදාව විසින් නවසීලන්තයට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ දෙවන සජීවී වෙඩි තැබීමේ අභ්‍යාසයක් සිදු කර ඇති බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට හේතු වූ පළමු යුද අභ්‍යාසයෙන් දිනකට පසුව මෙම අභ්‍යාසය පවත්වා තිබෙනවා.

සෙනසුරාදා දිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී චීන යුද නෞකාවකින් සජීවී වෙඩි ප්‍රහාර එල්ල කරන බව චීන නාවික හමුදාව රේඩියෝ පණිවුඩ මගින් දැනුම් දී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ බ්‍රහස්පතින්දා සිඩ්නි නුවරට කිලෝමීටර් 280ක් පමණ ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ දකුණු දෙසට ගමන් කරමින් සිටින චීන යුද නෞකා තුනක් දැකීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අඛණ්ඩව නිරීක්ෂණය කළ බවයි.

විදේශ අමාත්‍ය Penny Wong, දකුණු අප්‍රිකාවේ පැවති G20 විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට සමගාමීව චීන විදේශ අමාත්‍යවරයා හමු වී, වෙඩි තැබීම සිදු කිරීමට පෙර යාත්‍රා සීමිත දැනුම්දීමක් පමණක් ලබා දුන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබෙනවා.

World News

Send your contact Details Today