Latest News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය අදයි – ලංකාවට විශේෂ වන හේතුවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙය වනවා.

ඊට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ඊයේ (23) ජිනීවා බලා පිටත්ව ගියා.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර අමාත්‍යවරයා ඊට සහභාගී වන රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

පසුගිය සැසිවාරයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට විරෝධය පළ කිරීමට රජය දැනටමත් තීරණ කර ඇති අතර ඒ සඳහා ඔක්තෝබර් 7 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ද හිමි වුණා.

World News

Send your contact Details Today