ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර ජොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ජොහාන් පීරිස් අලුයම 02:20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බවයිRadio WESL ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
ජොහාන් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ, ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණියා.
මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඔස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස්, ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු අමෙරිකාවේ ඇකන්කගුවා යන කඳු සාර්ථකව තරණය කිරීමට ජොහාන් පීරිස් සමත් වී තිබෙනවා.