අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදු කරන සාකච්ඡාවලදී තමන් යුක්රේනයට සහය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය කියර් ස්ටාර්මර් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඔහු යුක්රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්කි හමුවූ අවස්ථාවේදීයි.
එමෙන්ම, ඉදිරි සතිය තුළදී බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා, අමරිකානු ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත අතර, එහිදී දෙරටේ නායකයින් අතර යුක්රේන යුද්ධය අවසන් කිරීම සහ යුක්රේනය පිළිබදව සාකච්ඡා කිරිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම, රුසියාව සමඟ සබඳතා නැවත විවෘත කිරීමට සහ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු දෙරටේ නායකයින් දෙදෙනා පසුගියදා දුරකතන සංවාදයක ද නියැලී තිබූ බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා අවශ්‍ය බවත්, ඒ සඳහා සාධාරණ හා කල් පවතින සාමයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ කැපවීම ගැන තමන් සහතික වන බවයි.