Latest News

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් මාර්ගයේ තාවකාලිකව වෙනසක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් මාර්ග තාවකාලිකව වෙනස්කර තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියා මුහුදු සීමාව ආසන්නයේ චීනය සිදුකරන නාවික හමුදා අභ්‍යාසයක් හේතුවෙන්.

චීනය ටස්මන් මුහුදේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් වෙරළට නැගෙනහිරින් නාවික සැතපුම් 340ක් දුරින් මෙම නාවික අභ්‍යාස සිදුකරන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මුහුදේ සිදුකෙරෙන මෙම අභ්‍යාසය ජාත්‍යන්තර නීතියට අනුකූල බවයි චීනය පවසන්නේ.

ජාත්‍යන්තර නීති සහ පිළිවෙත්වලට අනුකූලව ආරක්ෂිත සම්මත සහ වෘත්තිමය ආකාරයෙන් අභ්‍යාස සිදුකිරීමට සෑමවිටම වගබලා ගන්නා බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today