Latest News

කොවිඩ් 19 වෛරසයට සමාන මිනිස් සෛල තුළට ඇතුළු විය හැකි භයානක වෛරසයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නව කොවිඩ් වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ HKU5-CoV-2 ලෙස මෙම වෛරසය නම්කර ඇති බවයි.

කොවිඩ් වෛරස පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කටයුතු සිදුකළ “බැට්වුමන්” ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වන ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් වෛරස් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන තිබෙනවා.

චීන පර්යේෂකයන් විසින් සොයා ගත් මෙම නව වෛරසයට SARS CoV-2 – කොවිඩ් වසංගතයට හේතු වූ වෛරසයට සමානකම් ඇති බව සඳහන්.

මෙම නව වෛරසයට ද ACE2 ලෙස හඳුන්වන මිනිස් සෛල තුළට ඇතුළු විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

රසායනාගාර පරීක්ෂණයකදී, විද්‍යාඥයින් HKU5-CoV-2, මිනිස් සෛල සංස්කෘතීන්ට ආසාදනය කිරීමට සමත් වූ බවයි විද්‍යාඥ කණ්ඩායම සඳහන් කරන්නේ.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත්, මෙම නව වෛරසය මිනිසුන් තුළට පැතිරීමේ විභවය තව දුරටත් පරීක්ෂා කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today