Latest News

International Masters League 2025: තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද සටනට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (22)ඉන්දියාවේ දී ආරම්භ වනවා.

රටවල් හයක හිටපු සුපිරි ක්‍රීඩකයින් එක්වන මෙම තරගාවලිය ලබන මාර්තු මස 16 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට තරග 15ක් ඇතුළත්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය යන රවල් නියෝජනය කරමින් කණ්ඩායම් මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලිය සඳහා සහභාගීවනවා.

මෙම තරඟාවලිය නවී මුම්බායි, වඩෝදර සහ රායිපූර් යන ඉන්දියාවේ ස්ථාන තුනකදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තරගාවලිය ආරම්භ කරමින් අද (22) දිනයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග බිමට පිවිසීම නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය කුමාර් සංගක්කාර විසින් ලබාදෙන අතර; ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර් විසින් මෙහෙයවනු ලබනවා.

World News

Send your contact Details Today