Latest News

රුසියා – යුක්‍රේන යුද්ධය සමථයකට පත්කිරීම සඳහා ට්‍රම්ප් කරන දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා – යුක්‍රේන යුද්ධය සමථයකට පත්කිරීම සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාකච්ඡා සිදුකෙරෙනවා.

පසුගිය දින කිහිපය පුරාම යුරෝපා නායකයින් හමුවී මේ පිළිබඳ සාකච්ඡා රැසක් සිදුකර තිබෙනවා.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ප්‍රංශයේ එලිසි මාළිගයේ දී හමුවී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීත් ස්ටාමර් හා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මේ වන විටත් කිසිවක් සිදුකර නැති බවයි.

කෙසේ වෙතත් ලබන සතියේ දී ප්‍රංශ ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ ධවල මන්දිරය වෙත පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today