Latest News

කුරුළු උණ අවදානමක් නිසා තවත් රටක කුකුළු නිෂ්පාදන සංචරණය සීමා කිරීමට පියවර

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ වික්ටෝරියාවේ කුරුළු උණ වාර්තාවීම තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ තුන් වන වරටත් වික්ටෝරියා හි ඊසාන දිග ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ රෝගය වාර්තාවීමත් සමඟයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ සියලුම කුකුළු නිෂ්පාදන සංචරණය සීමා කිරීමට පියවර ගත් බවයි වික්ටෝරියා බලධාරීන් කියාසිටියේ.

එමෙන්ම ගොවිපළ අවට කිලෝමීටර් 5 ක බල ප්‍රදේශයක් නිරෝධායනය ලක් කළ බව ද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව ගොල්බන් නිම්නයේ අයත් ප්‍රදේශයක්, යුරෝවා, වයලට් ටවුන්, ලෝන්ග්වුඩ්, රෆි, ඇවෙන්ල් සහ ස්ට්රැත්බෝගී යන නගර නිරෝධායනයට ලක්කරනු ලබයි.

එමෙන්ම වෛරසය පැතිරීම පාලනයට සහ තුරන් කිරීම සඳහා කාර්ය මණ්ඩලය සමග සමීපව කටයුතු කරන බව වික්ටෝරියා හි වැඩබලන ප්‍රධාන පශු වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today