අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන “BRICS” රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අනතුරු අඟවා තිබෙනවා.
BRICS රටවල් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කළ බවත් අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න ඔවුන්ට අවශ්‍ය වු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, “ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න. සමහරවිට චීනයේ යුවාන් භාවිත කරන්න වෙන්න ඇති. ඩොලරය විනාශ කරන්න කතා කරන ඕනෑම BRICS රටකට 150% තීරුබදු පනවනවා. අපිට ඔවුන්ගේ භාණ්ඩ ඕන නැහැ.” ලෙසයි.
BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්ගෙන් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයක් වනවා.