Latest News

ශ්‍රී ලංකාවේ වාහන බදු අඩු කිරීමක් ගැන සුබ ආරංචියක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉල්ලුම අඩුවුවහොත් වාහන සඳහා පනවා ඇති බදු අඩුකළ හැකි බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

විදේශ සංචිත සම්බන්ධයෙන් පවතින අවදානම හමුවේ වාහන ආනයනය සඳහා එලෙස සීමා පනවා තිබෙනවා.

“විදේශ විනිමය සඳහා අපට සීමාවක් ඇති බවට මහ බැංකුව මග පෙන්වීමක් ලබා දී තිබෙනවා. මිල වැඩිකරන්න අපි තීරු බදු වෙනස් කරනවා. මේක වෙන්නේ කොහොමද කියලා බලලා මහ බැංකුවෙන් ඉගියක් දීලා තියෙනවා ආනයන බදු අඩු කරන්න පුළුවන් කියලා. ඒකත් වෙන්න පුළුවන්.” ලෙසයි අමාත්‍යවරයා ජනමාධ්‍ය හමුවේ පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ බැංකුවල මූලික තොරතුරු මත පදනම්ව ණයවර ලිපි විවෘත කිරීමට සැළකිව යුතු උනන්දුවක් තිබූ නමුත් විශාල වැඩිවීමක් දක්නට නොලැබුණු බවත්, වාහන ආශ්‍රිත බදුවලින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 700ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි.

2025 වසර සඳහා වන අයවැය ලේඛනයට අනුව රජය බදු ආදායම රුපියල් බිලියන 885කින් පමණ බිලියන 4,590 දක්වා වැඩිකිරීමට ඉලක්ක කර තිබෙනවා.

වාහන ආනයනය ලිහිල් කරන්නේ හුදෙක් බදු අයකිරීම සඳහා නොව ආර්ථිකයේ දියුණුව සඳහා බව ද අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවා.

World News

Send your contact Details Today