Latest News

ලොවටම බලය පෙන් වූ යුධ මෙහෙයුම (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ යුද අභ්‍යාසය පැවැත්වුණේ රුමේනියාවේදීයී.

මෙම යුද අභ්‍යාසය නම් කර තිබුණේ Steadfast Dart 2025 නමින්.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින්.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30 ඉක්මවා ගොස් තිබෙනවා,

මේ යුද අභ්‍යාසයට හමුදා ඛණ්ඩ දහස් ගණනක් එක්කර තිබුණා.

ඒ බල්ගේරියාව, ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව, තුර්කිය සහ එක්සත් රාජධානිය නියෝජන කරමින්.

නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් වනවා.

එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ දැවැන්තම යුද අභ්‍යාසයක් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසයේ නිරත වුණේ අමෙරිකාව සමග පවතින සබඳතා පළුදු වෙමින් පවතින පසුබිමකයි.

යුුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවල දී නේටෝ සංවිධානය පිළිබඳවත් විවිධ මත පළවුණා.

පෝලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබුණේ අමෙරිකාව සෑම විටම නේටෝ සංවිධානයට සහාය දක්වන බව තහවුරු කළ නොහැකි බවයි.

World News

Send your contact Details Today