Latest News

FBI ඉහළම පුටුව ඉන්දියාවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස කාෂ්‍යප් (කාෂ්) පටෙල් (Kashyap ‘Kash’ Patel) පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙකු වීම විශේෂත්වයක්.

රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව කාෂ් පටෙල්ගේ නාම යෝජනාව වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව‍යි ඔහුට එම තනතුර හිමිව ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඊයේ (20) පැවැති ඡන්ද විමසීමේදී 51-49 ක් ලෙස කාෂ් පටෙල්ට පක්ෂව වැඩි ඡන්ද 02ක් හිමිව තිබූ බවයි.

ඒ අනුව කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

එම පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සහකාර සහ ධවල මන්දිර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඩෑන් ස්කවිනෝ පවසා තිබුණේ, එෆ්බීඅයි හි නවවන අධ්‍යක්ෂවරයා ලෙස කාෂ් පටෙල් තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් කොමිසමට අත්සන් කර ඇති බවයි.

World News

Send your contact Details Today