Latest News

ඊශ්‍රායලයේ බස් රථ තුනක් පිපිරී යාමෙන් පොදු ප්‍රවාහන සේවාවට සිදු වූ දේ (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයක දී බස් රථ තුනක පිපිරීම් සිදුව තිබෙනවා.

බස් රථ තුනෙහි සිදුවූ පිපිරීම් ත්‍රස්ත ප්‍රහාරයන් බවටයි සැක පළ කෙරෙන්නේ.

පිපිරීම්වලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ටෙල්අවිව් අගනුවරට ආසන්න බට්යම් ප්‍රදේශයේ දී මෙම බස් රථ පිපිරීමට ලක්ව තිබෙනවා.

තවත් බස් රථ දෙකක මෙලෙස අටවා තිබු පුපුරණ ද්‍රව්‍ය පිපිරීමට ලක්ව නැති බව පොලීසිය සඳහන් කරනවා.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා සිය ගණනක පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර පිපිරීම් හේතුවෙන් ඊශ්‍රායලයේ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා දැමීමට ප්‍රවාහන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

World News

Send your contact Details Today