Latest News

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කරන දේ කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ළමුන් වෙනුවෙන් ආරම්භ කළ පෝලියෝ එන්නත ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

යුනෙස්කෝ සංවිධානයේ සහාය ද ඊට හිමිව තිබෙනවා.

ළමුන් පන්ලක්ෂ අනූඑක්දහසක් සඳහා පෝලියෝ එන්නත ලබාදීම අරමුණයි.

ලබන 22 වනදා සිට 26 වනදා තෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

ගාසා තීරයේ ළමුන් පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා.

පවතින වතාවරණය පිළිබඳව එහිදි අවබෝධයක් ලබා ගැනීමට බලධාරීන්ට හැකියාව ලැබුණා.

ළමුන් අතර සෞඛ්‍ය ගැටලු අවම වන ආකාරයෙන් කටයුතු කිරීම සැලැස්ම බවයි සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

World News

Send your contact Details Today