පසුගියදා ටොරොන්ටෝ බලා ගමන්ගත් අනතුරකට ලක් වූ ගුවන් යානයේ සිටි මගීන්ට ඩෙල්ටා එයාර් ලයින්ස් විසින් ඩොලර් 30,000 බැගින් පිරිනමීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් මගීන්ට තම මුදල් ලබා ගත හැක්කේ කෙසේද යන්න තවමත් එම සමාගම ප්‍රකාශ කර නැහැ.
නමුත් මගීන් 76 දෙනාම එහි දීමනාවට එකඟ වුවහොත්, එයට මුළු ඩොලර් මිලියන 2.3 කට ආසන්න මුදලක් වෙන් කිරීමට ඩෙල්ටා එයාර් ලයින්ස් සමාගමට සිදුවනු ඇති.
මෙම අනතුරට හේතුව තවමත් සොයාගෙන නොමැති නමුත් අධික සුළං සහ හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම යානය පෙරළී යන්නට ඇති බවට සැක පළ කරනවා.