ඉන්දියාවේ ජාතික මට්ටමේ කනිෂ්ඨ බර එසවුම් ක්‍රීඩිකාවක් වන 17 හැවිරිදි යෂ්ටිකා ආචාර්යා බිකනර් හි ව්‍යායාම ශාලාවක පුහුණුවීම් කරමින් සිටියදී සිදුවූ ඛේදජනක අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කිලෝග්‍රෑම් 270ක බාබෙල් එකක් ලිස්සා ගොස් ඇගේ බෙල්ලට වැටීමෙන් මාරාන්තික අස්ථි බිඳීමක් සිදු වී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඇගේ පුහුණුකරු ප්‍රථමාධාර ලබා දී ඇය රෝහලට ගෙන ගියද, වෛද්‍යවරු පැමිණෙන විටත් ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන්.
ඇගේ පවුලේ අය විවාහ මංගල්‍යයක් සඳහා හනුමන්ගාර් වෙත ගොස් ඇති අතර ඇය එම උත්සවය සඳහාද සහභාගී නොවී සිටියේ පුහුණුවීම්වලට සහභාගී වීම සඳහා බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ ගෝවාහි පැවති ජාතික බෙන්ච් ප්‍රෙස් ශූරතාවලියේදී උප-කනිෂ්ඨ කිලෝග්‍රෑම් 84 සහ ඊට වැඩි කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා.

