Latest News

විශ්වවිද්‍යාලයක ඇති වූ ගැටුමකින් සිසුන් 150 දෙනෙකුට පමණ තුවාල

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ කුල්නා ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක ඇතිවු ගැටුමකින් සිසුන් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට එම විශ්වවිද්‍යාලයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවද සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

හිටපු අගමැති ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පලවා හැරීමට මුල්වූ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today