බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයෙන් සෙල්සියස් අංශක 44ක උෂ්ණත්වයක් වාර්තා වනවා.
මේ හේතුවෙන් රියෝ සැණකෙළියට ද බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.
රියෝ ද ජැනයිරෝ වැසියන් හා සංචාරකයින් නගරයේ ජනාකීර්ණ වීදි පුරා පිඩාවට ලක්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය විකාශය කළා.
පිට පිට දින 3 ක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ත් 44 ත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අතර, ලොව ප්රමුඛ පෙළේ ටෙනිස් තරු කිහිපයක් එක්වන රියෝ විවෘත ටෙනිස් තරගාවලියටද අයහපත් උෂ්ණත්වය බලපෑම් එල්ල කර තිබෙනවා.
බ්‍රසීල වාර්තා සඳහන් කරන්නේ තාප අනතුරු ඇඟවීමේ හතරවන මට්ටමට මේ වන විට ළඟා වී ඇති බවයි.
සිසිලන උපකරණ භාවිතය හා ජලය පානය කිරීමේ ස්ථාන පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.