රෝගීන් දස දහස් ගණනක් භාවිතා කරන Genea නම් ප්‍රධාන වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම වෙබ් අඩවිය, රට පුරා පරිශීලකයන් දහස් ගණනක් සිටින ඔස්ට්‍රේලියාවේ තුන් වන විශාලතම IVF සැපයුම් සිදුකරන සමාගමක්.
කෙසේවෙතත් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් දින 5 ක සිට දුරකථන මාර්ග අවහිරතා මෙන්ම රෝගීන්ගේ ප්‍රතිකාරවලට මෙහිදී බලපෑම් සිදුව ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
එම වෙබ් අඩවියේ සැකකටයුතු ක්‍රියාකාරකම් හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳ වහා විමර්ශනයක් සිදුකර තිබෙනවා.
ඒ වෙනුවෙන් සයිබර් විශේෂඥයින් මෙන්ම ඔස්ට්‍රේලියා සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ සහය ද ලැබෙන බවයි IVF සමාගම පවසන්නේ.
තම කාර්ය මණ්ඩලය සහ රෝගීන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම තම ඉහළ ම ප්‍රමුඛතාව බව ඔවුන් කියාසිටියා.