Windows 10, Windows 8.1, and Windows 7 මෘදුකාංග මාදිලි සඳහා දක්වන සහය නැවැත්වීමට Microsoft සමාගම තීරණය කර තිබෙනවා.
ඒ 2025 ඔක්තෝම්බර් 14 වැනි දිනට පසුවයි.
ඒ අනුව එදිනට පසු ඉහත මෘදුකාංග මාදිලි සඳහා තාක්ෂණික සහය, ආරක්ෂක ස්ථාවරතත්වය පිළිබඳව සහය දක්වන යාවත්කාලීන කිරීම් (Updates) ලබා නොදෙන බවයි Microsoft සමාගම නිවේදනය කරන්නේ.
එම නිසා එදිනට පසුව Windows 11 සහ ඉන් ඉහළ මෘදුකාංග මාදිලි සඳහා පමණක් අදාළ සහය දැක්වීම සිදු කිරීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.