මේ දිනවල පැවැත්වෙන කාන්තා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් (WPL) ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ඉවත් වීමට නියමිත ව තිබෙනවා.
ඒ අනුව එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත නවසීලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නුදුරේදීම චමරි සිය කණ්ඩායම සමග එක් වීමට සූදානමින් සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
WPL තරගාවලියේ UP Warriorz කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතපත්තුගේ ද ඉවත් ව යාම ඔවුන්ට දැඩි පාඩුවක් ගෙන දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඊට හේතුව මේ වනවිට ද UP Warriorz කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ඇලිසා හීලි ආබාධයකට ලක් ව සිටීමයි.
ESPNcricinfo වෙබ් අඩවියට අනුව චමරි අතපත්තු, පෙබරවාරි 26 වන දින දක්වා පමණක් UPW කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.
ඒ මාර්තු 04 වන දින නේපියර් හි දී ආරම්භ වන නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වීමටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්නි කුත් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායිකාව ලෙස ද චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වන දින නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.