Latest News

මාරක බස් අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොලිවියාවේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

බස් රථය මීටර 800ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.

අනතුරෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊට කුඩා දරුවන් 4 දෙනෙකු ද ඇතුළත බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

බොලිවියාවේ මහාමාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් නිරන්තරෙයන් මෙවැනි අනතුරු වාර්තා වනවා.

මෙම වසර තුළදී එරටින් වාර්තා වූ දරුණුතම අනතුර මෙය ලෙසයි හැඳින්වෙන්නේ.

මහාමාර්ග අනතුරු හේතුවෙන් සෑම වසරකම බොලිවියාවේ පුද්ගලයින් 1,400 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

World News

Send your contact Details Today