Nutella නිර්මාතෘ Francesco Rivella ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 97ක්.
ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කරනු ලැබුවා.
Francesco Rivella 1952 වසරේ දී ඉතාලි ප්‍රසිද්ධ චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබුණා.
අවුරුදු 25දී ඔහු ටියුරින් හි බ්රෝමැටොලොජිකල් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගැනීමට සමත් වුණා.
Nutella හි එහි වෙබ් අඩවියට අනුව එය අමුද්‍රව්‍ය හතකින් සාදා තිබෙනවා.
ඒ සීනි, පාම් තෙල්, හෙසල්නට්, කිරි, කොකෝවා, ලෙසිතින් සහ වැනිලා වලින්.
වර්ථමානයේ ඇති Nutella හි වට්ටෝරුව නිවැරදි රසයට ගැනීමට ඔවුන්ට දශකයකට වැඩි කාලයක් ගතවූ බවද වාර්තා වනවා.