ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.
ආර්ජන්ටිනා ජනාධිපති හාවියර් මිලෙයි (Javier Milei) සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වනවා.
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරනවා.
ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසනවා.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමටයි නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ.