පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කරනවා.
ඒ අනුව එහි දැක්වෙන්නේ බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කළ බවයි.
පර්යේෂණවල දී ශ්වසන පද්ධතියේ යම් ආසාදනයක් පිළිබඳව අනාවරණ වී තිබූ අතර, මේ වනවිට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව 88 හැවිරිදි පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවයි වතිකානය නිවේදනය කර ඇත්තේ.