දකුණු කොරියාවේ ජනප්‍රිය නිළියක වන කිම් සායි රොන් අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.
සෝල් අගනුවර පිහිටි ඇගේ නිවෙසට ගිය මිතුරියක විසින් මළසිරුර දැකීමෙන් පසු පොලීසියට දැනුම් දී තිබූ බවත්, ඇගේ මරණය පිළිබඳ සැක කටයුතු කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට පොලීසියට මෙතෙක් නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
24 හැවිරිදි කිම් සායි රොන් මීට වසර තුනකට පෙර බීමත්ව රිය පැදවීමේ වරදට වොන් මිලියන 20ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 40ක්) දඩයකට යටත් වූ අතර, අනතුරුව ඇය තාවකාලිකව රඟපෑමෙන් ඉවත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ඇය නැවත රංගනයට එක්වී ඇත්තේ මිය ගිය දිනට පෙර දිනයේදී බව ද සඳහන්.