මියන්මාරයේ සයිබර් කඳවුරුවල තවත් ශ්රී ලාංකිකයින් පිරිසක් රඳවාගෙන සිටින බවට වාර්තා වනවා.
ඒ අනූව එම සයිබර් කඳවුරුවල තවත් ශ්රී ලාංකිකයින් 04 දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ.
එම පුදගලයින් මුදාගැනීම සඳහා සාකච්ඡා කරන බවද එම අමාත්යංශය පවසනවා.
මේ අතර මියන්මාරයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු පළා ගොස් තිබෙන බවයි.
මේ වනවිට ලාංකිකයින් 30 දෙනෙක් මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්රහණයෙන් මුදා ගෙන මෙරටට ගෙන්වාගෙන තිබෙන බවයි එම අමාත්යංශය පවසන්නේ.