Latest News

💷 𝗦𝗟 𝗕𝗨𝗗𝗚𝗘𝗧 𝟮𝟬𝟮𝟱: විදෙස්ගත ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදුවන දේවල් මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200ක්.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබෙන බවයි.

දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද, ජනාධිපතිවරයා එහි දී වැඩි දුරටත් පවසා සිටියා.

World News

Send your contact Details Today